Wednesday, February 11, 2026
Follow Us
රාජ්‍ය ආයතන විවෘත කිරීමෙන් කොවිඩ් පැතිරීමේ වැඩි ප්‍රවණතාවක්

සංචරණ සිමා සහිත ප්‍රදේශ වල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා වසංගත අවදානම පැතිරයාමේ ප්‍රවනතාවක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.

එසේම පුත්තලමේ ධීවරයින් අතර වෛරසය පැතිරයාම සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වා දෙනු ලබනවා.

එසේම ධීවර කටයුතු වල නියලීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉතා තදින් අනුගමනය කරන්නැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ධීවරයන් ගෙන් ඉල්ලා සිටිනවා.

(Aruna)