Wednesday, February 11, 2026
Follow Us
ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල්පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.

ඉල්පුර පසළොස්වක පොහොය දිනය වන අද දිනයේ සුවිශේෂීත්වයක් වන්නේ කඨින චීවර පුජාවේ අවසන් දිනය වන බවිනි.ශ්‍රී ලංකාවසී බොහෝ බැතිමතුන් මෙන්ම ලෝකවාසී බෞද්ධ බතිමතුන් අද දිනයෙහි ද කඨින පූජාවෙහි නිරත වෙයි.

බුදු රජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දූත සේවය ආරම්භ වන්නේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනයකය.එමෙන් ම උන් වහන්සේ ප්‍රථම වස් වැසීම සිදු කළේ ද ඉසිපතනාරාමයේ දී ය. තවද මහා අග්‍රාශ්‍රාවක,මහතෙඋණ් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේ ද අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනයකය.

(news.lk)