Tuesday, April 23, 2024
Follow Us
බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල සැපයුම විසන්ධි කෙරේ

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප‍්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසනවා. ඒ අද රාත‍්‍රී 9.00 සිට හෙට පෙරවරු 09 දක්වායි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පොළොන්නරුවේ ප‍්‍රදේශ කිහිපයකට ලබන සඳුදා පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, එදින පෙරවරු 10 සිට පස්වරු 04 දක්වායි. එම කාලය තුළ මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ බටුකොටුව යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා. පොළොන්නරුව ජල සම්පාදන ක‍්‍රමයේ එළන ලද නව ජල නල පද්ධතියේ අලූත් වැඩියා කටයුත්තක් ඊට හේතුව බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

(Neth)