Saturday, November 15, 2025
Follow Us
සා.පෙ​ළ තවත් කල් යයි ද?

ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති නමුත් රටේ පවතින තත්වය මත තව සතියක් දෙකක් තුළ අපිට පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා නම් විභාගය කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

විභාගය පවත්වනවාද නැද්ද යන්න තවමත් තීරණයක් නොමැති අතර ඒ සම්බන්ධව සතියක් ඇතුළත තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)