Friday, March 29, 2024
Follow Us
නාරාහේන්පිට, දෙහිවල, අක්කරෙයිපත්තුව ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ප‍්‍රදේශ 03ක් හුදෙකලා කර තිබෙනවා. එලෙස හුදෙකලා කළ එක් ප‍්‍රදේශයක් වන්නේ නාරාහේන්පිට දාඹරේ පාරේ පස්කෑල්ල ප‍්‍රදේශයේ නිවාස 1,050ක් හුදෙකලා කර තිබෙනවා. මේ අතර දෙහිවල, ප‍්‍රතිබිම්බාරාම පාර, ඇල ඉවුර ප‍්‍රදේශය හුදෙකලා කර ඇති තවත් ප‍්‍රදේශයක්වනවා.

කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හමුවීම හේතුවෙන් අම්පාර, අක්කරෙයිපත්තු ප‍්‍රදේශය ද හුදෙකලා කෙරුණු බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ.

මේ අතර ඇහැළියගොඩ දියුරුම්පිටිය ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවකයින් 43දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම කර්මාන්තශාලාවේ 1,200ක් පමණ සේවය කරන අතර ඔවුන් ඉකුත්දා සිය නිවෙස්වල නිරෝධායනයට යොමු කෙරුණා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට, දෙහි ඕවිට, යටියන්තොට, රත්නපුර, කරවනැල්ල, කොස්ගම, පාදුක්ක, හෝමාගම, බෝකුන්දර සහ වේයන්ගොඩ යන ප‍්‍රදේශවල නිවෙස්වල නිරෝධායනයට යොමු කර සිටි පිිරිසකටයි.

මේ අතර පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ වැටලීම් අංශයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් 38 දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් එම රෝහලේ උගුර, කන සහ නාසය පිළිබද සායනයේ සේවය කරමින් සිටි අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරුවීමෙන් පසු එම සායනය තාවකාලිකව වසා දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා එම හෙදියන් දෙදෙනා පොල්ගොල්ල මහවැලි විiාපීඨයේ ස්ථාපිත කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. එක් හෙදියක් මහනුවර නගර සීමාව තුළ පදිංචිව සිටින අතර අනෙක් හෙදිය දවුලගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මේ අතර යාපනය, කොඩිකාමම් ප‍්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා පිරිසක් රැුගෙන යමින් සිටි බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර පලෙයි කච්චවේලී ප‍්‍රදේශයේදී සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන් සුළු තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ඇතුළත් කෙරුණේ පලෙයි රෝහලටයි. ලෙබනනයේ සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් 225 දෙනෙකු බස් රථ කිහිපයකින් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට නිරෝධායනය මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් සිටියා. අනතුරට ලක් වූ බස් රථයෙන් ඒ වනවිට පුද්ගලයන් 25 දෙනෙකු සිටි බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද දිනය තුළ කොරෝනා රෝගීන් 251 දෙනෙකු වාර්තා වන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

(Neth)