Friday, March 29, 2024
Follow Us
පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීති වලට අනුව විවෘත කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කෙරේ

පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ පැවැත්විණි

ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ධීවර අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පිහිටුවා ඇති පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ අන්තර්ජාල හරහා කරන ලද සාකච්ඡාවක දී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විශේසඥ කමිටුවේ නිර්දේශය මත විවෘත කිරීම සදහා අවධානය යොමු කරන්නැයි අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙහිදී අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට නිශ්චිත කරුණක් හරියට නොදන්නා බවත් නමුත් තම කමිටුව විසින් කරන ලද විමර්ශනයට අනුව දැනගන්නට ලැබුණු කරුණුව 08ක් ඉදිරිපත් කළ හැකි බවද විශේෂඥ කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා විසින් ප්‍රකාශ කරන ලදි.

ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු 08 පිළිබදව වෙළද සංගමයේ නියෝජිතයන් හා අමාත්‍යවරයාට පැහැදිළි කළ අතර එම කරුණු වලින් වැලකී මෙම වෙළද සංකීරණය විවෘත කිරීමට උපදෙස් ලබා දුනි.
විශේෂයෙන් සිල්ලර වෙළදාම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතු බවට මෙම කමිටුව නිර්දේශ කර ඇත. තොග වෙළදාම ද ආරම්භයේ දී 25%ක ප්‍රමාණයකින් ආරම්භ කරන ලෙසද පසුව එය ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය කර ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වැලැක්වීමේ නීතිරීති වලට අනුව ක්‍රියාත්මක කරන ලෙස මෙම කමිටුව ලබා දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට හා මත්ස්‍ය වෙළදපොලේ නියෝජිතයන්ට පහදා දුනි.

එසේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු වෙළද සංගමයේ ලේකම් ජයන්ත කුරේ හා සහභාපති ජයසිරි ඇතුළු නියෝජිතයින්ගේ අදහස්ද ලබාගත් අමාත්‍යවරයා ඔවුන්ද එම නීතිරීති වලට යටත්ව මත්ස්‍ය වෙළද සංකීර්ණය විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකග විය. ලගදීම නාගරික සංවර්ධන අධිකාරිය හා එක්වී මත්ස්‍ය සංකීර්ණයට නව පිවිසුම් මගක් ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා විසින් පැවසීය.
මෙම සාකච්ඡාව සදහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

(news.lk)