Saturday, April 20, 2024
Follow Us
කොවිඩ් 19 තෙවැනි අවදානම් මට්ටමේ

කොවිඩ් වසංගතය මේ වන විට තුන්වැනි අවදානම් මට්ටමට පැමිණ තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව ප්‍රථම වරට අනාවරණය කළේ කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානයේදී පසුගිය 24 වැනිදාය. උපරිම අවදානම් මට්ටමට ඇත්තේ තවත් එක් අදියරක් පමණි. පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

තෙවැනි අවදානම් මට්ටමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එම මාර්ගෝපදේශ අනුව වසා තැබෙන ස්ථාන

* නවාතැන් සපයන ස්ථාන

* ස්පා

* කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා

* පිහිනුම් තටාක

* සැණකෙළි සංගීත සංදර්ශන, වෙරළ සාද

* ළමා උද්‍යාන, සත්ත්වෝද්‍යාන

* සිනමා ශාලා

* මහජන රැස්වීම් (අවසර නැත)

* එළිමහන් උත්සව (අවසර නැත)

* ගෘහස්ථ උත්සව (අවසර නැත)

* උපකාරක පන්ති

* විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන

* පාසල්

* බන්ධනාගාර – අමුත්තන්ට පැමිණීමට අවසර නැත

* සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සීමා ලිහිල් කළ අවස්ථා

* හෝටල්, විවේකාගාර – ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම සියයට 50කට අනුව අවසර ලැබේ.

* මධ්‍යසාර අලෙවිසල්, අවන්හල් (රැගෙන යන) උපදෙස්වලට අනුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය.

* අවන්හල් (පරිභෝජනය කරන) – මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබේ.

* ඇවිදින මංතීරු – තනිව ඇවිදීමට පමණක් විවෘත වන අතර පුද්ගලයන් හමුවන ස්ථානයක් නොවන ලෙසට කටයුතු කළ යුතුයි.

* ව්‍යායාම ශාලා, ගෘහස්ථ ක්‍රීඩා ශාලා – අදාළ ස්ථානයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය.

* බෝඩිං නිවාස – සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි නමුත් නව පුද්ගලයන්ට නවාතැන් ලබාදිය ​නොහැකි විය.

* පන්සල්, පල්ලි, කෝවිල්, වැනි පූජනීය ස්ථාන මහජනයා එක්රැස්වන ක්‍රියාකාරකම් ​හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නොලැබෙන අතර ඕනෑම අවස්ථාවක එම ස්ථාන තුළ සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව උපරිම වශයෙන් 25දෙනකු පමණයි.

* අවමංගල්‍ය උත්සව – සහභාගි විය හැක්කේ පුද්ගලයන් 25 දෙනකුට පමණයි.

* මංගල උත්සව – උපරිම වශයෙන් අමුත්තන් 50 දෙනකු සමග පැවැත්විය හැකිය.

* සෞඛ්‍ය අංශ – රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා ඇතුළුව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකිය.

* අධිකරණ – 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජනයා ඇතුළු කර ගත හැකිය.

* සන්නිවේදන වෙළෙඳසල් / ඡායා පිටපත් සාප්පු, මැහුම්කරුවන් සහ ඇඳුම් මසන්නන්, රෙදි සේදීමේ ස්ථාන, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ඉදිකිරී‍ම් ද්‍රව්‍ය වෙළෙඳසල්, බාබර් සහ රූපලාවණ්‍යාගාර, බේකරිය, ආර්ථික මධ්‍යස්ථාන, විවෘත වෙළෙඳපොළ/ පොළවල්, සිල්ලර බඩු වෙළෙඳසල්, මූල්‍ය ආයතන (බැංකු, මූල්‍ය සමාගම්), උකස් මධ්‍යස්ථාන ආදිය ඉඩ ප්‍රමාණයෙන් 50%ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය.

* ඉදිකිරීම් ස්ථාන – අවසර ලබා දී ඇත.

* ජංගම වෙළෙන්දන් – උපදෙස්වලට අනුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය.

* කෘෂිකර්මාන්තය – උපදෙස්වලට අනුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය.

* වීදි​ වෙළෙන්දන් – ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව, ගම් මට්ටමෙන් පත් කළ කමිටුවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය හැකිය.

* ඇඳුම් පැලඳුම් / රෙදිපිළි වෙළෙඳසල්, සාප්පු, සංකීර්ණ, සුපිරි වෙළෙඳසල් – ඇවිදීමට හැකි මීටර 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයකුට ප්‍රමාණවත් යැයි සලකමින් 50%ක ඉඩ ප්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය.

* අපනයන අරමුණු කරගත් කර්මාන්ත (ඇඟලුම්, කෘෂිකාර්මික නිෂ්පාදන යනාදිය) – මෙය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.

* පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල, රජයේ කාර්යාල – අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකිය. හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතුය.

* උපයෝගිතා සේවා – විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්.පී. ගෑස් ස්ථාන, මෝටර් ගරාජ, ටයර් සේවා සහ තැපැල් / කුරියර් සේවා – අවම කාර්ය මණ්ඩලයක් සමග සියලු අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම කළ යුතුය.

* පෞද්ගලික කුලී රථ සේවා – මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනකුට සීමා කර ඇති අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%ක් සීමා වේ.

* පොදු ප්‍රවාහනය – බස් රථයේ / දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලබාදී ඇත.

එක් නිවසකින් / නවාතැනින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව – අත්‍යවශ්‍ය සේවා අවසර ලබා ඇති ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නැති නම් පිටවීමට අවසර දී ඇත්තේ දෙදෙනකුට පමණි.

(Aruna)