Friday, April 26, 2024
Follow Us
අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක්-බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසා සිටින්නේ අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මේ වනවිට හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව බවද ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ඉදිරිපත් නොවන බවයි.
මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම නිසා ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා තමන් එම ප්‍රදේශයේ මුස්ලිම් නායකයන් තම සහෝදර ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

සභාපතිවරයා අවධාරණය කරන්නේ තත්ත්වය දිගින් දිගටම පැවතිහොත් වසංගතය අටළුගමට ගමට පමණක් නොව රටටම වසංගතයක් විය හැකි බවයි.

(Lanka LEads)