Monday, September 14, 2026
Follow Us
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.

ඒ අනුව, මෙරටදී මිය ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි.

මියගිය තිදෙනා කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.

(Aruna)