Saturday, November 15, 2025
Follow Us
එළවළු වෙළෙන්ඳන් 8කට කොවිඩ්

මහනුවර මධ්‍යම වෙළඳපොළේ එළවළු වෙළෙඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් අටදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ මධ්‍යම වෙළඳපොළ අද (26) සම්පූර්ණයෙන් වසා දමා විෂබීජහරණය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

එළවළු වෙළඳපොලේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලදී අදාල ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති වෙළඳුන් නගරයෙන් බැහැර දුර පළාත්වල පදිංචිකරුවන් බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

(Aruna)