Wednesday, February 11, 2026
Follow Us
PCR පරීක්ෂණවලට සහභාගී නොවන්නන්ට නඩු

ඇතැම් පුද්ගලයින්ට පී.සී.ආර් පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

(Aruna)