Saturday, April 20, 2024
Follow Us
කොවිඩ් මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක කාන්තාවක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.

වයස අවුරුදු 45ක් වූ කාන්තාව කොළඹ ජාතික රෝහලේදි පසුගිය 23 වැනිදා මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමග ඇති වූ අධික රුධිර පීඩනය බවයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමෙන් පසුව පිඹුර රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඊයේ (25) මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්19 ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බවයි.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)