Saturday, November 15, 2025
Follow Us
පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයක් ධාවනයෙන් ඉවතට

සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඉතා සාර්ථක ලෙස අද(25) දිනයේත් වාහන කිහිපයක් ධාවනයේ යෙදවූ අතර හෙට වෙනකොට දුවන්න ක්‍රමයක් නොමැති හෙයින් ධාවනයෙන් ඉවත් වන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කරයි.

දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළ එයට විසදුම් තියෙන බැවින් ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා මෙයට මැදිහත් වී දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටී.

(Aruna)