වටිනාකම් පහක් ඇති බව කීවද කිසිඳු වටිනාකමක් නැති බවට පසුගිය කාලයේදී චෝදනාවට පත් වූ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් පිරිවෙන් පාලනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ස්වාමීන්වහන්සේ නමක් සඳහන් කරන්නේ මෙම යෝජනාව කරන ස්වාමීන් වහන්සේට එම ආයතනයේ ප්‍රධානියා වීම සඳහා ආණ්ඩුවෙන් එම ඉල්ලීම කරන බවය.
අප වෙත අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේට අනුව මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ මර උගුලක් විය හැකිය. ඊට හේතු දක්වන උන් වහන්සේ සඳහන් කරන්නේ ඉස්ලාම් අන්තවාදීන් මද්‍රසා පාසල් නීතිගත කිරීම සඳහා වෙනම නීතියක් අවශ්‍ය බවට කරනු ලබන ඉල්ලීම් එනම් නීති විරෝධී දේ අහෝසි කිරීම හෝ ඒවා අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීම වෙනුවට ඒවා වෙනම නීතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීම් සාධාරණීකරණය කිරීම සඳහා පිරිවෙන් දෙපාර්තමේන්තුවක් ඉල්ලා සිටින බවය.
(Lanka Leads)