Saturday, November 15, 2025
Follow Us
කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවූ මරණ ගනණ 90 දක්වා ඉහළට ඊයේ දිනට පමණක් තිදෙනෙකු මරුට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවඊයේ නිකුත් කළ නිවේදනයට අනුව තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු මරණයට පත්ව ත්බේ.

මියගිය එම තිදෙනාත් සමග කොවිඩ්19 වෛරස ආසාදනයෙන් මෙරටදී මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරන ආකාරයට එම මරණ වල තොරතුරු පහත පරිදිය.

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇති වූ සංකූලතා හේතුකොට ගෙන 86 හැවිරිදි වියේ පසුවන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අංගොඩ අයි ඩී එච් රෝහලේ දී මිය ගොස් තිබේ.
60 හැවිරිදි වියේ පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුරුෂයෙකු හෝමාගම මූලික රෝහලේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඇතිවූ ලේ විෂ වීම බව පැවසේ.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වය බව සඳහන් වේ.

(Lanka Leads)