Wednesday, February 11, 2026
Follow Us
60 ගැන හරි තීරණය අද හෙටම

කැමැති අයට වයස අවුරුදු 60 වනතුරු නොසිට අවුරුදු 55 න් විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ‘අරුණ’ ට ප්‍රකාශ කළේය.

විශ්‍රාම යාමට කැමැති පෞද්ගලික අංශයේ සේවකයන්ට දැනට ක්‍රියාත්මක වන ආකාරයට වයස අවුරුදු 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අයවැය යෝජනාවක් බවත් ඊට අදාළ අණ පනත් සකස් කරන්නේ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද හෙතෙම කීවේය.

කැමැති අයට අවුරුදු 55 න් විශ්‍රාම යාමටද, කැමැති අයට අවුරුදු 60 දක්වා සේවය කිරීමටද අවස්ථාව ලබාදීම සඳහා ඉදිරියේදී සේව්‍ය සේවක දෙපාර්ශ්වය සමග සාකච්ඡා පවත්වන බවද ඔහු කියා සිටී.

(Aruna)