Wednesday, February 11, 2026
Follow Us
කමිටුවේ නිර්දේශ එන තෙක් කොවිඩ්19 වෛරසයෙන් ආසාදනයෙන් සිදුවන මරණ ආදාහනය කළ යුතුයි

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන කාරනය සම්බන්ධයෙන් පැන නැගී ඇති පැනයට විසඳුම් සෙවීමට පත් කළ කමිටුවේ තීන්දුව එන තෙක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කළ යුතු යැයි එම කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍යය අසේල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ කමිටුවේ නිර්දේශ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කමිටුව විසින් ලිඛිතව ලබා දෙනු ඇති බවයි.

(Lanka LEads)