Thursday, February 12, 2026
Follow Us
කුරුණෑගල තැපැල් කටයුතු නවතයි

කුරුණෑගල ප්‍රදේශයේ තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධන තැපැල් කාර්යාලයේ තැපැල් සේවකයන් 14දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

එසේම ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදා දීම සඳහා අනෙකුත් තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගොස් ඇති බැවින් සෞඛය අංශවල උපදෙස් මත කුරුණෑගල දිස්ත්‍රක්කයේ සියලු තැපැල් සේවා කටයුතු නවතා දමා තිබේ.

එසේම ක්‍රියාත්මක කර ඇති ඖෂධ බෙදා දීමද නැවත දැනුම්දෙන තුරු නවතා දමන බව ද දැනුම් දී ඇත.

ඖෂධ බෙදීම් කටයුතු විකල්ප වැඩපිළිවෙලක් යටතේ සිදුකිරීමට වයඹ පළාත් ප්‍රධාන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද තැපැල්පතිවරයා සඳහන් කර ඇත.

(Aruna)