Thursday, February 12, 2026
Follow Us
කොරෝනා නම් රස හෝ ගඳ සුවඳ නොදැනෙන්නේ

රස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය වීමේ ලක්ෂණයක් ලෙස උගුරේ අමාරුව හා පපුවේ යම් රිදීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

එම ලක්ෂණ වෙනත් ඉන්ෆුවෙන්සා ඇතුළු ඇතුළු වසංගත රෝගවලදී ද මතුවන බව ද ඔහු කියා සිටිනවා.

කෙසේ නමුත් උගුරේ ආබාධ දීර්ඝකාලීනව ඇති අය ඒ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද ඒ මහතා තව දුරටත් පැවසුවා.

(Lanka Leads)