Wednesday, September 23, 2026
Follow Us
රාමඤ්ඤ මහා නිකායේ නව මහනාහිමියන් පත් කෙරේ

රාමඤ්ඤ මහා නිකායේ නව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබෙනවා. ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදියි.

උන්වහන්සේ දැනට රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් ලෙස කටයුතු කරනවා.

රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් මහ නායක ධුරය හිස්වුණා.

(Neth)