Thursday, February 12, 2026
Follow Us
මහ නා හිමි ආදාහනයට පෙර අළුත් මහ නා හිමි පත් කරයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(22) දින පෙරවරු 8.30 ට පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන බව එම පාර්ශවයේ මහ ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසනරතන නාහිමියෝ පවසති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය සම්ප්‍රදායට අනුව මහනාහිමි ශ්‍රී දේහය ආදාහනය කරන දින පෙරවරුවේ සංඝ සභාව රැස්වන බව එම පාර්ශවයේ නියෝජ්‍ය මහ ලේඛම් ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියෝ පැවසූහ.

මහනාහිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සව අවස්ථාව සඳහා තාවකාලිකව මහනායක පදවියේ වැඩ බැලීම සඳහා හිමිනමක පත්කර ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතය.

මහනාහිමි ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව පාලක මහා සංඝ සභාව මගින් මීළඟ මහනාහිමි පත්කර ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාව නියෝජනය කරන සියලුම නාහිමිවරුන්ට මෙම රැස්වීමට සහභාගි වන ලෙස ලේඛකාධිකාරී නාහිමියෝ ඉල්ලීමක් කරති.

(Aruna)