Thursday, February 12, 2026
Follow Us
LTTE මහවිරු සැමරුම් වළක්වාලමින් තහනම් නියෝග

ලබන සතියේ පැවැත්වීමට නියමිත එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් උත්සව වළක්වාලමින් වවුනියාව සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ තහනම් නියෝග 2ක් නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

වවුනියාව සහ මන්නාරම පොලිසි විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝග ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මන්නාරම අධිකරණය විසින් පුද්ගලයන් 5 දෙනෙකුට සහ වවුනියාව අධිකරණය විසින් පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව බලපැවැත්වන පරිදි මෙම තහනම් නියෝග නිකුත් කර තිබේ.

අදාළ තහනම් නියෝග එම වගඋත්තරකරුවන් වෙත ලබා දීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

(Aruna)