රියැදුරු බපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඊයේ (16 වැනිදා) කුරුඳුවත්ත පොලිසිය මගින් පොලිස් ඇපමත මුදාහැර ඇත.
මෙසේ මුදාහැර ඇත්තේ රොෂානි මලිෂා රත්නායක සහ මොහොමඩ් සම්රාස් අහමඩ් යන දෙදෙනාය.
සැකකාරිය විසින් පදවන ලද ජීප් රථය පෙරේදා (15 වැනිදා) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වාහන අලෙවිසලකට කඩාවැදී තිබිණි. මේ අවස්ථාවේදී අදාළ වාහනයේ හිමිකරුද එම ජීප් රථයේ සිට ඇත.
පවතින කෙරෝනා වසංගත තත්ත්වය හමුවේ සැකකරු හා සැකකාරිය මෙසේ පොලිස් ඇපමත මුදාහැර ඇති නමුත් ඉදිරි දිනකදී අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
(Aruna)