Thursday, February 12, 2026
Follow Us
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200කට කොවිඩ්

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200ක් දක්වා ආසාදිතයින් ගණන ඉහල ගොස් ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචිමාර්ග අනාවරණය කරනවා.

එම පිරිස’නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170දෙනෙකු ත් ,නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 දෙනෙක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්,නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්,නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයෙක් බැගින් ද වාර්තා වේ.

(Aruna)