Thursday, February 12, 2026
Follow Us
වාද්දුව සහ කළුතරට වතුර නෑ

වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට(17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා පැය එකොලහමාරක කාලයක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝම්බුවල, පයාගල, බේරුවල, මග්ගොන, අලුත්ගම, දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

(Aruna)