Thursday, February 12, 2026
Follow Us
යුද හමුදාපති ශවේන්ද්‍ර ප්‍රමුඛ කමිටුව විසින් නව ක්‍රිකට් තේරිම් කමිටුව පත් කරයි

යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව විසින් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සදහා සාමාජිකයින් 7 දෙනෙකු නිර්දේශ කර තිබෙනවා.

ඒ යොවුන් කණ්ඩායම් ඇතුළු සියලූ‍ තේරීම් කටයුතු සිදු කිරීම සදහායි. මෙම තේරීම් කමිටුව විසින් පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් මෙන්ම යොවුන් කණ්ඩායම් තේරීමේ කටයුතු ඇතුළු සියලූ‍ තේරීම් කටයුතුවල වගකීම දරනු ඇති.

ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අසන්ත ද මෙල් මෙහි සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි සදහන්. සෙසු සාමාජිකයින් වන්නේ චමින්ද මෙන්ඩිස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, හේමන්ත දේවප‍්‍රිය, රංජිත් මදුරසිංහ, උවයිස් කර්නයින් සහ නිල්මිනී ගුණරත්නයි. ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව විසින් නිර්දේශ කළ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව සදහා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අනුමැතිය ලබා දිය යුතු වනවා.

(Neth)