Monday, September 28, 2026
Follow Us
විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා සුඩානය වෙත ගොස් සිටි හමුදා නිලධාරින් 79 දෙනෙකු අද (16) අලුයම දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු, ජපානයේ සිට එක් අයෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව පාකිස්ථානයේ රැඳිසිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

(Aruna)