සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
සේවා අවශ්‍යතාව මත සලකා මෙම තීන්දුවට එළැඹි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
ඒ අනුව සියලුම බන්ධනාගාර නිලධාරින් අද (16) උදෑසන 8.00 වන විට අදාල සේවා ස්ථානය (බන්ධනාගාරය) වෙත වාර්තා කළ යුතු බව උපුල්දෙණිය මහතා පැවසීය.
එසේ නොකරන සියලුම බන්ධනාගාර නිලදාරින්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් උපුල්දෙණිය මහතා අවධාරණය කළේය.
පවතින කොවිඩි වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාර තුළ රැඳවියන්ට අවශ්‍ය සෞඛ්‍ය හා වෙනත් සේවා සැපයීමට බන්ධනාගාර නිලධාරින්ගේ සේවය අත්‍යවශ්‍ය බවත් දැනට සේවයේ යෙදී සිටින නිලධාරින්ටද වඩාත් කාර්යක්ෂම සේවයක් පවත්වාගෙන යාමට තවත් නිලධාරි සේවය අවශ්‍ය වන බවත් පෙන්වා දුන් කොමසාරිස් ජනරාල් වරයා පැවැසුවේ සේවයට වාර්තා කරන සෑම බන්ධනාගාර නිලධාරියකුටම අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව සහ වෙනත් සේවා උපරිමයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සකසා ඇති බවයි.
(Dinamina)