Saturday, November 15, 2025
Follow Us
හුදකලා කර ඇති ප්‍රදේශවල සේවා පවත්වාගෙන යාහැකි ආයතන

හෙට (16) උදෑසන 05.00 සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බලප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කෙරුණ ද එම ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ප්‍රදේශවල පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා, එම ප්‍රදේශවල උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන, සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බවය.

(Lanka Leads)