Thursday, February 12, 2026
Follow Us
දෙවෙනි කොවිඩ් රැල්ල කොළඹ වසාගනී - කොළඹ කොවිඩ් ආසාදිතයින් 5000 ඉක්මවයි

ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 5127ක් හඳුනා ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4917ක් කළුතර දිස්ත්‍රික්කයෙන් 595ක් මේ වන විට හඳුනා ගෙන ඇති බව සඳහන්.

මේ වන විට කොළඹ අවදානම ඉහළ ගොස් තිබෙන අතර පාලන ක්‍රමවේදයක් ලෙස සංචරණ සීමා පනවමින් මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය යන ප්‍රදේශ හෙට උදෑසන 05.00 සිට හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබේ.

මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශවල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා, උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශයන්ට යටත්ව ක්‍රියාත්මක බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

(LNW)