Saturday, November 15, 2025
Follow Us
වරාය කටයුතු අඩපණ වීමෙන් රට තුළ අත්‍යාවශ්‍යය භාන්ඩ හිඟයක් ඇති විය හැකියි!

ඉදිරි දින වලදී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල විශාල හිඟයක් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි බව පිටකොටුවේ තොග වෙළඳුන් පවසා සිටී.

කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක බහාලුම් ගොඩ බෑමට නොහැකි වීම මෙම තත්වය උදා වීමට හේතු වී ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටී. එසේම වරාය සේවකයන් ගණනාවක් කොවිඩ්19 වෛරසය පැතිර යාම හේතුවෙන් සේවයට වාර්තා නොකිරීමෙන් ඇති වී තිබෙන ප්‍රමාදයද මේ සඳහා බලපා තිබේ.

මෙම තත්වය හේතු කොට ගෙන කොළඹ වරායට පැමිණි නෞකා වරාය ආසන්නයේ නැංගුරම් ලා හෝ ආසන්න වරායන් වෙත පිටත්ව ගොස් ත්බෙන බවද ඔවුහු සඳහන් කරති.

වරාය කටයුතු සම්බන්ධ විද්වතුන් පවසන්නේ, එසේ පිටත්ව ගොස් ඇති නෞකා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අමතර කාලයක් මෙන්ම අමතර වියදමක් දරන්නට සිදු වනු ඇති බවයි.

(Lanka Leads)