Saturday, November 15, 2025
Follow Us
කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි : ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ ගණන 07ක් දක්වා අඩු කෙරේ

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම පවතී.

ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(NEth)