Thursday, February 12, 2026
Follow Us
ඌරගස්මංසන්දියේ ගම්4ක් හුදකලා කෙරෙයි

පෑලියගොඩ මලු වෙළඳ පොලේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සංචරණ කළ උරගස්මංසන්ධිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද PCR පරක්ෂණ වලදී පුද්ගලයන් 6දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වීම නිසා එම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4ක් හුදකලා කර ඇත.

අද දින මෙලස හුදකලා කිරීමට තීරණය ගත්බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්.එන්. සුදසිංහ මහතා සඳහන් කරනවා.

මේ අනුව ඌරගස්මංසන්දිය උතුර, ඌරගස්මංසන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් හුදකලා කර ඇත.

මෙලස ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇත්තේ අවුරුදු 68, 59, 53, 30, 20, 18 යන වයස් වල පසුවන පරිසක් වන අතර එම පිරිස අද දින හම්බන්තොට සහ කඹුරුගමුව රෝහලවෙත රැගෙන යාමට නියමිතයි.

(Aruna)