Saturday, November 15, 2025
Follow Us
බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44කට කොරෝනා

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

රැඳවියන් 107 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරින් 25 දෙනෙකු ඊයේ (13) දිනයේදී සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයට ලක් කරනු ලැබුවා. ඒ අනුව අද දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්යාඥාවරයා පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වු රැදවියන් 44 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවත්
පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය නොවු බන්ධනාගාර නිලධාරින් දින 14 නිරෝධායනයට ලක් කිරිමට පියවරගන්නා බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළා.

එම නිලධාරීන්ගේ දෙවැනි පි.සි.ආර් පරික්ෂණයන් ලබන 25 වෙනිදා සිදුකිරීමට නියමිතයි.මේ අතර බුස්ස බන්ධනාගාරයේ ඉතිරි 260 දෙනා හෙට (15) පි.සි ආර් පරික්ෂන සදහා යොමු කිරිමට කටයුතු කරණ බව ඔහු සඳහන් කළා.

මිට පෙර බුස්ස බන්ධනාගාරයේ මෙමබ වාට්ටුවේ සිටි රැදවියන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණා. මෙම ආසාදිතයින් පිරිස ද සමග බන්ධනාගාරයෙන් වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 329ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(Neth)