කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත.
මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල උතුර තැපැල් අධිකාරි කාර්යාලය නිවේදනය කර ඇත.
(Lanka Leads)