Monday, September 28, 2026
Follow Us
කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත.

මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල උතුර තැපැල් අධිකාරි කාර්යාලය නිවේදනය කර ඇත.

(Lanka Leads)