Wednesday, April 01, 2026
Follow Us
බෝගම්බර රැඳවියන් 80 කට, කුරුවිට රැඳවියන් 14 කට කොරෝනා

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණය 285 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවලින් වාර්තා වේ.

ඊයේ දිනයේදී පමණක් බෝගම්බර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් 80 ක් වාර්තා වී තිබෙනවා. මීට අමතරව කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයන් 14 ක් වාර්තා වී ඇති අතර එම 14 දෙනාම කාන්තා රැඳවියන් බවයි වාර්තා වන්නේ.

(LNW)