Thursday, February 12, 2026
Follow Us
අපි ෆේල් වෙලත් නෑ – ෆේල් වෙන්නෙත් නෑ

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම ඉතා හොදින් සිදුවන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා පැවසුවේ කවුරුන් කුමන මතයක් ප්‍රකාශ කළත් රජයක් වශයෙන් අප පරාජයට පත්වී නොමැති අතර, පරාජයට පත්වන්නේ ද නැති බවයි.

පෑළියගොඩ කොවිඩ් පොකුර මිනුවන්ගොඩ පොකුරට වඩා රට පුරා ව්‍යාප්තවීමට තර්ජනයක් ඇති වූ බව හමුදාපතිවරයා සදහන් කරයි.

නමුත් එය කොළඹ උතුරු ප්‍රදේශය සහ ගම්පහ බටහිර – දකුණ යන ප්‍රදේශවලට සීමා කර ගැනීමට හැකි විය.

රජයේ නිසි පාලනයක් නොමැති වූවා නම් සමස්ත කොළඹ දිස්ත්‍රික්කයටම පෑළියගොඩ පොකුර ව්‍යාප්තවීමට හැකියාව තිබූ බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)