Saturday, November 15, 2025
Follow Us
අලුත් මුහුණු 19ක් CIDයට

නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ පෞද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ ඇතුළු 19 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කරනු ලැබ ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණිනි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේද ඔහු සේවය කර ඇත. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත මෙම පත් කිරීම් සිදුකර තිබේ.

මඩකලපුව කොට්ඨාසයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සංවිධානාත්මක අපරාධ ඒකකයේ සිටි පොලිස් අධිකාරි ජේ. රුද්‍රිගෝ, සහකාර පොලිස් අධිකාරි ජී.කේ. වීරසේකර ඇතුළු දහනවදෙනකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නවදෙනකු ඇතුළු දහනවදෙනකු සාමාන්‍ය රාජකාරි සඳහා පෙරේදා (11 වැනිදා) සිට මාරුකර යවා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දිගින් දිගට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකෙරෙන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කරයි.

(Aruna)