Saturday, November 15, 2025
Follow Us
කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිතයින් 30 000 පමණ සිටිය හැකි බවට පුරෝකථනයක්

කොළඹ නගර සීමාවේ කොවිඞ් ආසාදිතයින් තිස්දහසක් පමණ සිටිය හැකි බවට පුරෝකථනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මෙතෙක් සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණවල ප‍්‍රථිඵල අනුව එම පුරෝකථනය සිදු කර ඇති බවයි.

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ප‍්‍රතිකාර ස`දහා යොමුවීමට මැලිකමක් නොදක්වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙහිදී කියා සිටියා.

එමෙන්ම, වෛරසය ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් සෙසු මහජනතාව දක්වන ආකල්ප ද වෙනස් විය යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)