Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් වළකන එන්නත් දෙකක් ලංකාවට

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා නිපදවූ විශේෂ එන්නත් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.

එන්නත් ලැබුණු සැණින් පරීක්ෂණ වලට ලක් කොට ආසාදිතයින් බහුල ප්‍රදේශ වල භාවිත කිරීම අරමුණ වී ඇත.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ චීන රජය විසින් නිෂ්පාදනය කර ඇතැයි කියන මෙම එන්නත් දෙක බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියාවේ රටවල් ගණනාවක් ද දැනටමත් ඇණවුම් කර අති බවද වාර්තා වේ .

එංගලන්තයේ හා චීනයේ නිපදවූ මෙම එන්නත් ඉන්දියාවේ දී ප්‍රති නිෂ්පාදනය කරන අතර එන්නත් දැනටමත් ඉන්දියාවේ භාවිතය ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

(Aruna)