Saturday, November 15, 2025
Follow Us
හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාව නිරීක්ෂණය කිරිමට ඩ්‍රෝන යානා යොදා ගනියි

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

හුදෙකලා කොට ඇති ප්‍රදේශ යළි මුදවා හැරීම සිදුකරන තෙක් එම නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව තමන්ගේ නිවෙස් තුළ රැඳී නොසිට විවිධ සංචරණ සීමාවන් සිදුකෙරෙන් බවට තොරතුරු ලැබී ඇති බවත් මේ හේතුවෙන් එම සංචරණ කටයුතු සීමා පැනවීමට පියවරක් ලෙස මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස සංචරණ කටයුතු සිදුකරන පුද්ගලයින් ගැන ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා තොරතුරු මත විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටින යම් කිසි පුද්ගලයෙකුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ ගිලන් රථ සහය ලබා ගැනීමට හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ගිලන් රථ සහය ලබා ගැනීමට හැකි දුරකථන අංකය වන්නේ 0113- 422558.

(Neth)