Wednesday, April 01, 2026
Follow Us
කොරෝනා රෝගීන්ට කිලිනොච්චියේ ඉදි වූ රෝහල විවෘත කරයි

කොවිඩ් – 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් හි ඉදි කරන ලද ඇඳන් දෙසීයක් සහිත රෝහල ඊයේ (11දා) විවෘත කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය විසින් මෙම රෝහල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන අනූවක් වැය කර තිබේ.

එම රෝහල හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණ, පුස්තකාලයක් සහ ක්‍රීඩා පිටියක් ඇතුළු රෝහලට අවශ්‍ය සියළු උපාංගවලින් සමන්විතව වේ.

වෙනත් බෝවන රෝගවලට ගොදුරු වන රෝගීන්ද මෙම රෝහලට ඇතුළත් කළ හැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කරයි.

(Aruna)