Thursday, February 12, 2026
Follow Us
ලාංකිකයන් පිරිසක් මැදපෙරදිගින් මෙරටට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස් ගත ලාංකිකයන් 51දෙනෙකු අද(12) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා රජයෙන් විශේෂ අවසර ලබා ගෙන ,මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කටාර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු අද දින අලුයම කටාර් හි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඕමානයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු එරට මස්කට් නුවර සිට අද දින උදෑසන පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් සියලු දෙනා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල දෙකක සාමාජිකයන් විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

(Aruna)