අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ සේවය කරමින් සිටි විමර්ශන නිලධාරීන් 19කට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. එම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු,උප පොලිස් පරීක්ෂකවරු,පොලිස් සැරයන්වරු යන නිලයන්ට අයත් පිරිමි හා කාන්තා නිලධාරීන් වන බව සඳහන්.
මෙහි විශේෂත්වය ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සියලුම දෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නිලධාරීන් බවය.
එමෙන්ම මේ මොහොතේ එවැනි විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ස්ථාන මාරු කිරීමේ අවශ්‍යතාවක් නොපැවති බවත් මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සාමාන්‍ය පොලිස් රාජකාරියට අනියුක්ත කිරීමෙන් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශනවලට දැඩි බාධාවක් බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත එකී විමර්ශන ආරම්භ කර තිබෙන අතර මේ වන විට ස්ථාන මාරු ලබා සිටින නිලධාරීන් කණ්ඩායම විසින් එම විමර්ශන සිදුකර ඇති බවත් එම විමර්ශන සම්බන්ධයෙන් වඩා දැනුවත්භාවයක් තිබෙන්නේ මෙම නිලධාරීන්ට බවත් වාර්තා විය.
එවන් පසුබිමක මෙම නිලධාරීන් කණ්ඩායම නොමැති වීමෙන් පාස්කු විමර්ශනවලට දැඩි බාධාවක් බවයි එම ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ. එහෙයින් මෙම සිදුවීම් දැඩි ප්‍රශ්න සහගත බව CID ය අභ්‍යන්තරයේ කතා බහට ලක්ව තිබෙන බව බවද වාර්තා වී තිබේ.
(LNW)