Thursday, February 12, 2026
Follow Us
මුඛ ආවරණ නැතිව අහුවුනොත් නඩු – දැනටමත් 125 කට නඩු වැටෙන ලකුණු

මුඛ ආවරණ නොමැතිව සමාජයේ සැරි සැරීමේ වරදට මේ වන විට පුද්ගලයින් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම පිරිසට එරෙහිව ඉදිරියේදී නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඔහුට අනුව නිරෝධායන නීති යටතේ සමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරන පිරිස් මෙන්ම හුදකලා කොට ඇති ප්‍රදේශවලට ඇතුල්වන පිරිස ද ඒ ආකාරයට අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇත.

(Lanka Leads)