Saturday, November 15, 2025
Follow Us
43 සහ 44වන කොවිඩ් මරණ වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇති වී හෘදයාබාධයක් බවයි.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් අනෙක් පුද්ගලයා කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙකි.කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පසුගිය 01 වනදා සිට හම්බන්තොට දිස්ත්‍රික්ක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය වීම උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මිය ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

(Aruna)