Thursday, February 12, 2026
Follow Us
ළමා රෝහලේ රෝගීන් බැලීම දහවල් කාලයේදී පමණයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීමට පැමිණෙන පිරිස ඊයේ (10 වැනිදා) සිට අවම කිරීමට රෝහල් පරිපාලනය පියවර ගෙන ඇත.

රෝහලෙන් ඊයේ වනතුරු කොවිඩ් -19 ආසාදිතයන් 56 දෙනකු වාර්තාවීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස එම තීරණය ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ‘අරුණ’ට පැවැසීය.

රෝගීන් බැලීමට දිනකට එක් වරක් පමණක් ඉඩ ලැබෙන බවත්, එය විනාඩි 10කට සීමාකර ඇති බවත් හෙතෙම කීවේය. ඒ අනුව එම අවස්ථාව දහවල් කාලයේදී ලබාදීමට තීරණය කර ඇත.

(Aruna)