Thursday, February 12, 2026
Follow Us
මදුරාවල 40කට කොවිඩ්

මදුරාවල බල ප‍්‍රදේශයේකොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව අද(10) වන විට 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

හොරණ ගුරුගොඩ ඇඟලූම් ආයතනයෙන් හමුවූ ආසාදිතයින් රැසක් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ ගම්මාන රැසක පදිංචිකරුවන් වේ.

මේ වනවිට මදුරාවල කලාපයේ පවුල් 300ක් සාමාජිකයින් 1115 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පවසයි.

හොරණ අඟුරුවාතොට මාර්ග පළල් කිරිම් කටයුතු මේ දිනවල සිදුවන අතර එම මාර්ගයේ වැළිකැටැල්ල ප‍්‍රදේශයේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසක් ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු ඇසුරු කිරීම නිසා කම්කරුවන් 28 දෙනෙකු ස්වයංනිරෝධායනයට ලක් කර ඇති.

ඉන් එක් සේවකයෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)