කොවිඩ් වසංගත අදානම හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු නොකඩවා පවත්වාගැනීම සඳහා බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මේ අනුව බස් ධවකයන්ගෙන් අයකරනු ලැබූ ගාස්තු 2020 මාර්තු සිට ඉවත් කර තිබේ.
අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු ,ප්‍රමාද ගාස්තු,ටෙන්ඩර් ගාස්තු,ලොග් පත්‍ර ගාස්තු ,පිවිසුම් පත්‍ර ගාස්තු ,අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු යන අයකරගනු ලැබූ ගාස්තු අයනොකරනු ඇති.
කෙසේ වෙතත් ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලටගෙන මෙම වර්ෂය අවසානය තෙක් අදාළ සහනය බස්රථ ධාවකයින්ට ලබාදීමට කටයුතු කරන බවයි.
(Aruna)