Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් ආසාදනයවී අද දිනයේදී නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු හම්බන්තොට මහ රෝහලේදී ජිවිතක්ෂයට

හම්බන්තොට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද (10) දිනයේදී මිය ගොස් ඇති බව හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටිනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක කැළණිය, හෙට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයා පසුගිය 01 වෙනිදා හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට කොවිඩ් ඒකකයට ඇතුලත් කර සිට ඇත. කෙසේ වුවත් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු අද දිනයේදී නිවසට යෑමට සිටියදි පපුවේ අමාරුවක් සෑදීම හේතුවෙන් හම්බන්තොට නව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

රෝගියා මීට පෙර හෘදයාබාදයකින් පෙලි ඇති අයෙක් බවයි හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

(Neth)